නාමල්ලාගේ පාතාලය හෝටල්වලින් වැඩ අරඹයි

නාමල්ලාගේ පාතාලය හෝටල්වලින් වැඩ අරඹයි

නාමල් රාජපක්ෂට සම්බන්ධකම් ඇති පාතාල මැරයන් සුප්‍රසිද්ධ හෝටල්වල පවත්වන ප්‍රාසාංගික වැඩ සටහන්වලට ද කඩා වැදී මැර තර්ජන එල්ල කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

“හදවතින්ම නාමල්ගේ” යනුවෙන් හඳුන්වා ගත් කල්ලියක් පසුගිය 01 වෙනි දින බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේ දී මේ ආකාරයට මැර තර්ජන එල්ල කර ඇත. එදින එම හෝටලයේ පැවැත්වෙමින් තිබූ සංගීත වැඩ සටහනක් අතරතුර එම මැර කල්ලිය මුළ දී බාධා කිරීම් සිදු කර පසුව ගීත ගායනා කරමින් සිටි කලාකරුවන් හට තර්ජන එල්ල කර ඇත.

මෙම හෝටලයේ ප්‍රසංග සඳහා ඇතුල්වීමේ ගාස්තුව එක් අයෙකුට රුපියල් 5,000/- කි. එහි සාමුහික මෛ්ස වෙන් කර ඇත්තේ පුද්ගලයින් 8 දෙනෙකුගේ ආසන පහසුකම් සහිතව ය. මෙම මේස කිහිපයක රැඳී සිටි මැරයන් රාත්‍රී කාලයේ අනෙකුත් රසිකයින් හට බාධා වන ආකාරයට කෑකෝ ගැසීම් සහ ආවේගශීලි බව ප්‍රදර්ශනය කර ඇත.

හෝටලේ ආරක්ෂක අංශ ඔවුන්ව දැනුවත් කර තිබියදීත් පසුව තර්ජනය කිරීම් දක්වා දුර දිග ගොස් ඇති අතර එම මැරයන් පිරිස සමඟ සිටි එක් අයෙකු “අපි හදවතින්ම නාමල්ගේ” යනුවෙන් පවසා තිබේ. එයින් පැහැදිලි වී ඇත්තේ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් සංවිධානාත්මකව මෙම මැර පිරිස යොදවා ඇති බවයි. එම හෝටලයට සිදුවන බාධාවන් නිසා පොලිසියට පැමිණිලි නොකළ බවත් පසුව පිරිස පාලනය කළ බවත් කළමනාකාරීත්වය ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn