පොතුහැර ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරගෙන යනු ලබන විමර්ශනයකට අනුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිද්ධිය වන අවස්ථාවේදී නිශාන්ත උළුගේතැන්න නාවික බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ බවත් චෝදනා එල්ලවී සිටින වින්දිතයා ඔහුගේ අණ යටතේ ක්‍රියාත්මක රහසිගත රැදවුම් මධ්‍යස්ථානයක රදවා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් වාර්තා වේ.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (28) දිනය.
Views: 0










