ආර්ථික මධ්‍යස්ථාන බලගැන්වීමට විපක්ෂය කලබලවෙයි

ආර්ථික මධ්‍යස්ථාන බලගැන්වීමට විපක්ෂය කලබලවෙයි

රට පුරා ආර්ථික මධ්‍යස්ථානවල පසුගිය සමයේ දේශපාලන අනුග්‍රහයෙන් සිදු කරන ලද මහාපරිමාණ ජාවාරම් අවසන් කිරීම සඳහා මේ වනවිට රාජ්‍ය සමාගමක් පිහිටුවීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂයේ කණ්ඩායම් ගෙන යන බොරු ප්‍රචාරය සම්බන්ධයෙන් වෙළඳ හා වාණිජ ඇමති වසන්ත සමරසිංහ කරුණු පැහැදිලි කර තිබේ.

එම ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම රාජ්‍ය සමාගමක් යටතට ගෙන පූර්ණ විනිවිද භාවයකින් පවත්වාගෙන යාම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබිණි. නමුත් විපක්ෂයේ කණ්ඩායම් ප්‍රචාරය කරමින් සිටින්නේ එම ආර්ථික මධ්‍යස්ථාන විකුණා දැමීමට ක්‍රියා කරණ බවය. එහෙත් පිහිටුවීමට යෝජිත රාජ්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත් කෙරෙන රජයේ නිලධාරීන් පිළිබඳව හෙළි කරනු ලැබීය.

එම පිරිස පහත සඳහන් පරිදිය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝජිතයෙක්.
වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝජිතයෙක්.
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝජිතයෙක්.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝජිතයෙක්.
ඇමතිවරයා විසින් පත් කරන නියෝජිතයින් තිදෙනෙක්.

මේ අනුව පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස පිහිටුවන එම ආයතනයෙන් රට පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාමටත් මේ දක්වා පුද්ගලියන් කිහිපදෙනෙකු වෙත එම ආර්ථික මධ්‍යස්ථාන තුළ තිබුණු ඒකාධිකාරිය අහෝසි කිරීමටත් ක්‍රියා කරමින් සිටින බව අවධාරණය කෙරිණි.

Facebook
Twitter
LinkedIn