මේ වසරේ මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 17.9%ක වර්ධනයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළදී සිදුවූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.
එසේම, මේ වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, මේ වසරේ ගතවූ කාලය තුළ දී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බවද සඳහන්.
වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර, ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් වන අතර, එය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.










