ලබන මසට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ද ඉහළ දමා ඇත.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක් ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 305ක් ද භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185ක් ද දක්වා ඉහළ දමා තිබේ.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ සුපිරි ඩීසල් මිල වෙනස් කර නැත.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341ක සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325ක මිලෙහි තව දුරටත් නොවෙනස්ව පවතී.
Views: 0










