සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14)ට යෙදී තිබේ.
ඒ අනුව 2025 බක් මස 14 වන දින පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා විය.
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවසථාව සිංහල අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙයි.
අලුත් අවුරුද්දේදි අවුරුදු කුමාරයා ලෙස හඳුන්වන්නේ සූර්ය දෙවිදුන්වයි.
අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ආහාර පිසීම ඇතුළු අනෙකුත් නැකත් චාරිත්‍ර යෙදී තිබේ.
ඒ අනුව ආහාර පිසීමේ නැකැත අද පූර්වභාග 04.04ට උදා වූ අතර තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳද පිළියෙල කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.
මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද පූර්වභාග 06.44ටය.
138










