වෛද්‍යවරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු අත්අඩංගුවට

වෛද්‍යවරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසූවේ අදාළ සැකකරුව අද (12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට ඊයේ (11) දිනයේදීම හඳුනාගෙන තිබූ අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කකර තිබිණි.

මෙම වෛද්‍යවරිය විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු ලබන්නියකි.

මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වනවිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්