අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු සන්තකයේ තිබූ එම වෛද්‍යවරියගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් සහ ලැබුණු ඇමැතුම් ගැන වාර්තාවක් ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය ඩයලොග් සමාගමට නියෝග කර තිබේ.
එමෙන්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අනුරාධපුර ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එන්.කේ ජයවීරට අද (12) පස්වරුවේ නියෝග කර ඇත.
මහේස්ත්‍රාගත් මෙම නියෝග නිකුත් කර ඇත්තේ බී වාර්තාවක් මගින් පොලිසිය අධිකරණ හමුවේ සිදු කළ කරුණු දැක්වීමෙන් පසුවය.
Views: 1










