බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධනට අයත් ඉඩමක වළ දමා තිබී ගොඩ ගත් අවි ආයුධවල ඇත්ත හිමිකරුවා කවුදැයි පොලිසිය විමර්ශන පවත්වමින් සිටී.
වාර්තා වන ආකාරයට සංජය සිරිවර්ධනට මෙම අවි ලබා දී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සමඟ සමීපතම සම්බන්ධතා පැවැත්වූ කණ්ඩායමක් විසින් ද, එසේ නොමැති නම් හමුදා කඳවුරකින් පන්නන ලද ආයුධ ද යනුවෙන් ප්‍රශ්නයක් පැන නැගී තිබේ.
අත්තනගල්ල වැලිකඩමුල්ල පෙතියාකන්ද ප්‍රදේශයේ විශාල පොල් ඉඩමක ගෙවත්තේ T56 ගිනි අවියක්, බෝර 12 ගිනි අවියක් සහ බෝම්බ කිහිපයක් වළ දමා තිබී ගොඩ ගනු ලැබීය. ඊට අමතරව T56 මැගසින් 2ක් සහ උන්ඩ 130ක් ද බෝර 12 උණ්ඩ 6ක් ද අත්තඩංගුවට ගත් සංජය සිරිවර්ධන අද (12) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
Views: 0










