රතු වරෙන්තු නිකුත් කළ තවත් සැකකරුවන් දෙදෙනෙක් දිවයිනට

රතු වරෙන්තු නිකුත් කළ තවත් සැකකරුවන් දෙදෙනෙක් දිවයිනට

වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, මුදල් වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (20) අලුයම ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන විත් තිබේ.

එම සැකකරුවන් දෙදෙනා ඉන්දියාව වෙත පළාගොස් සිටි අතර ඔවුන්ට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබී ඇත. ඒ අනුව සැකකරුවන් දෙදෙනා එරට දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබේ.

මොවුන් අතරින් එක් අයෙකු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ නැමැති පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි නැමැති අයෙකු බව වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn