රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමිව සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමේ අවශ්‍යතාවය පිළිබඳව මේ වනවිට ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසුරියගේ මුලිකත්වයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.
ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධානයට ලක් කරමින් එම සාකච්ඡා ශ්‍රී ලංකා සර්ට් ආයතනයේදී ආරම්භ කර ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කනිෂ්ක කරුණාසේන ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිට ඇත.
Views: 0










