සීසන් ගත් අය ප්‍රවාහනය ලංගමට අනිවාර්ය කරයි

සීසන් ගත් අය ප්‍රවාහනය ලංගමට අනිවාර්ය කරයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් වාර ප්‍රවේශපත් (සීසන්) මිලදීගත් පාසල් දරුවන්, කාර්මික විද්‍යාල, විශ්වවිද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රී ලංගම බස්රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

“යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම ප්‍රවේශපත්‍ර ලාභීන් රැගෙනයාම ප්‍රත්ක්ෂේප කළහොත් මණ්ඩලීය පිළිවෙත් අනුව දැඩි වරදකි. සියලු ප්‍රවේශපත්‍ර ලාභීන් ශ්‍රී ලංගම බස්රථවල ප්‍රවාහනය කළ යුතු බව ඔවුන් දැනුවත් කර ඇති අතර යම්කිසි බස් සේවක කණ්ඩායමක් ප්‍රවේශපත්‍ර ලාභීන් රැගෙනයාම ප්‍රත්ක්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කර ඇත” ලෙස එම නිවේදනය මගින් දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශපත්‍ර ලාභීන් ශ්‍රී ලංගම තොරතුරු කෙන්ද්‍රය වෙත 1958 දුරකථන මාර්ගය මගින් දැනුම් දෙන ලෙසද එම නිවේදනය මඟින් වැඩි දුරටත් දැනුම් දී තිබේ.

Facebook
Twitter
LinkedIn