‘සන්ඩේ ලීඩර්’ පුවත් පතේ ප්‍රධාන කර්තෘව සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් මුදා හැරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නීතිපති විසින් යොමු කළ ලිපිය සම්බන්ධයෙන් රජය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති, වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදු කරන එම අධ්‍යයනයෙන් පසු රජය ප්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අපරාධ නඩුවලින් ගැලවී යාමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ඔහු සඳහන් කරයි.
ජාතික ජන බලවේග ආණ්ඩුවට ලබා දුන් ජනවරම හෑල්ලුවට ලක් කිරීමට ආණ්ඩුව ඉඩ නොතබන බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
Views: 0










