හර්ෂ සහ රවී දෙදෙනා කියන්නේ මොනවාද?

හර්ෂ සහ රවී දෙදෙනා කියන්නේ මොනවාද?

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සන්ධානයක් ගොඩ නැගීම සඳහා පවත්වන සාකච්ඡා පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රවී කරුණානායක යන දෙදෙනාම ඍණාත්මක ස්ථාවරයක සිටිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ පවත්වනවා යැයි කියන එම සාකච්ඡා සම්බන්ධයෙන් ඔහුගෙන් නොවිමසන ලෙස ය. ඔහු පවත්වන ලද මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස මේ බව ප්‍රකාශ කර ඇත.

එමෙන් ම, එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජේෂ්ඨම නායකයෙකු වන රවී කරුණානායක ද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ දෙපාර්ශවය අතර කිහිප දෙනෙකුගේ වුවමනාවන් අනුව සාකච්ඡා පැවැත්වෙන බවත්, එම සාකච්ඡා සාර්ථක කර ගැනීමට තිබෙන ඉඩකඩ ඉතාමත් සීමාසහිත බවත් ය.

Facebook
Twitter
LinkedIn