වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ජනතාවාදී වැඩ පිළිවෙලවල් හමුවේ විපක්ෂයේ සියලුම පක්ෂ එක්වී හාල් පොල් රිළව් ඩ්‍රෝන යන මාතෘකා කතා කිරීම හැර වෙනත් කිසිදු සාධනීය විවේචනයක් කිරීමට නොහැකි තරම් බංකොලොත් තත්වයට පත්වී සිටින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දී තිබේ.
සති අන්තයේ පළවූ තිනකරන් වාරමංජරී පුවත්පත මේ සම්බන්ධයෙන් පළ කර තිබූ ලිපියේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.
රටක දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයන් ක්‍රියාකළ යුතුව තිබෙන්නේ වඩාත් සාධනීය සහ යහපත් අනාගතයක් වෙනුවෙන්ය. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ප්රමුඛ වර්තමාන රජය එම අරමුණ වෙනුවෙන් ඉතා කැපවීමෙන් ක්‍රියා කරමින් සිටී. ඔවුන් භාවිතයෙන් ඔප්පු කර සිටින්නේ ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදී ස්ථාපිත කිරීම ය. එහෙත් කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව තිබෙන්නේ විපක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු සූදානමක් නැති බවයි. මේ බව තහවුරු කෙරෙන සාක්ෂි ඕනෑ තරම් පසුගිය සති කිහිපය පුරා දැකගත හැකි වූයේය. පොදුවේ ඔවුන් එල්ල කළ ප්‍රකාශ තුළ වූයේ හාල්, පොල්, රිලව්, ඩ්‍රෝන පිළිබඳවය.
ඔවුන්ගේ ප්‍රකාශ මෙන්න මේ ඉතා පටු සීමාව තුළ, සහ යථාර්ථය විකෘති කිරීමේ සීමාවේ පැවැතියේය. නමුත් ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින්නේ ඊට වඩා බොහෝ දුරක් ගොසිනි. ආසන්නම උදාහරණය විදුලි බිල සියයට 20කට වැඩි ප්‍රමාණයකින් අඩු කිරීම ය. මේ මගින් ගෘහස්ත විදුලි පාරිභෝගිකයන් වෙත සහන සැලසෙන අතර ආපන ශාලා, බේකරි ඇතුළු ව්‍යාපාරවලටත් විශාල සහනයක් හිමිවේ. ඊටත් වඩා වැඩි අවධානය යොමු විය යුත්තේ නිෂ්පාදන කර්මාන්තවලට හිමිවන විශාල වාසි පිළිබඳවය. එනම් බලශක්ති වියදම අඩුවී නිෂ්පාදන වියදම පහත වැටීමයි.
ලයිට් බිල අඩු කිරීමේ ප්‍රතිඵල
ඒ අනුව දේශීය වෙළඳපොළේ භාණ්ඩ මිල අඩුවන අතර විශේෂයෙන්ම අපනයන භාණ්ඩවල මිල අඩුවීම සිදුවේ. ඒ මගින් විදේශ වෙළඳපොළ් දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට තරගකාරී අඩු මිලක් නියම වී, වැඩියෙන් ඉල්ලූමක් නිර්මාණය වේ. එම ඉල්ලූම සම්පූර්ණ කිරීම වෙනුවෙන් වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදන කර අපනයන ආදායම් ඉහළ දමා ගත හැකිය. රට නිෂ්පාදන ආර්ථිකයකට ගෙන යනවා කියන්නේ මෙන්න මේ ක්‍රියාදාමයට පණ දීමය. පවතින වෙළඳපොළවලට අමතරව නව වෙළඳපොළ සොයා යාමත් නව භාණ්ඩ විදේශ වෙළඳපොළට හඳුන්වාදීමත් කළ හැකිය. ඒ අනුව විශේෂයෙන් කොළඹට කේන්ද්‍ර ගතවී තිබෙන ආර්ථිකය ඈත ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කළ හැකිය.
විදුලි බිල අඩු කිරීම මෙන්න මෙවැනි පුළුල් ආර්ථික ප්රතිලාභ ගෙන දෙන ක්‍රියාවලියකට මුල පිරීමකි. මේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමට නම් මනා ආර්ථික කළමනාකරණයක් සිදුකළ යුතුය. ආර්ථික කළමනාකරණය ඒ නිසි ආකාරයට සිදු කිරීමට දක්වන කැපවීම සිරස රූපවාහිනියේ සජීවී සංවාදයට ජනාධිපති අනුර කුමාර දිසානායක එක්වීමෙන් හොඳින් ම තහවුරු විය. එම රූපවාහිනියේ මාධ්‍යවේදීන් ගණනාවක් වටවී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඇසූ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරුවලින් ඒ බව පැහැදිලි විය. මාධ්‍යවේදියා හෝ මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නයකට කිසිදු කොළ කෑල්ලක් හෝ නොබලා ටක්කටයම නිවැරදි උත්තර දෙනු ලැබීය. වෙනත් ජනාධිපති කෙනෙකුගෙන් මෙසේ ප්‍රශ්න කළේ නම් උපදේශකයන්, නිලධාරී පිරිවරාගෙන ඒ මේ අත බලමින් උත්තර දෙන බව අතීත අත්දැකීම් අනුව කාටත් පැහැදිලි විය. අගතියකින් තොරව කරුණු සලකා බලන ඕනෑම කෙනෙකුට නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගවල පවතින විවෘතභාවය සහ ඍජුභාවය එයින් පැහැදිලිවේ.
විදේශ ණය වෙනුවට ආයෝජන
තවත් පැත්තකින් කතා කළ යුතු විශේෂ කරුණක් බොහෝ දෙනෙකු සැලසුම් සහගතව යට ගැසීය. චීනයෙන් ඩොලර් මිලියන 3,700ක මහා පරිමාණ ආයෝජනයක් ලැබීමයි. හම්බන්තොට වරාය ආශ්‍රිතව චීනය සිනොෆැක් රාජ්‍ය ඉන්ධන සමාගම මේ ආයෝජනය සඳහා ඉදිරිපත් වී සිටී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන විකුණා ගෙන කන න්‍යාය පත්‍රයක් පසුගිය වසර 46ක් පුරාම අඩු වැඩි වශයෙන් අනුගමනය කරනු ලැබීය. එහෙත් චීනය පමණක් නොව, මෑකදී ආර්ථික බලවතුන් වූ බොහෝ රටවල් රජයේ සමාගම් හෝ සමුපකාර ක්රමයේ ව්‍යවසායන් මනා ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කරමින් තිබේ. සිනොෆැක් සමාගම ඒ සඳහා දිය හැකි හොඳම නිදර්ශනය වේ. මේ ආයෝජනය ලැබීමෙන් වරාය කලාපයේ තෙල් පිරි පහදුවක් අලූතින් ආරම්භ කිරීම විශාල ආර්ථික ශක්තියකට මුල පිරීමක්ය. පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම අනුව අවුරුදු හතරකදී ලැබෙන්නේ ඩොලර් මිලියන 2900ක ණය මුලක්ය. එය පොලිය සමග ආපසු ගෙවිය යුතු වෙයි.
මේ ණය මුදල ලැබෙන්නේ ද, වාරික අටකින් අවුරුදු හතරකිනි. එය ලබා ගැනීම සඳහා මාස අටක් පුරා සාකච්ඡා කළේය. ණය වාරිකයෙන් වාරිකය ලබා දෙන්නේ කොන්දේසි එකින් එක සලකා බලාය. එක් ණය වාරිකයක් ලැබුණු තැන සිට ඊළඟ වාරිකය ලැබීම දක්වා කාලය තුළ කොන්දේසි ඉටුකර තිබෙන තත්වය ගැන හොඳින් විශ්ලේෂණය කර බලයි. පසුගිය ආණ්ඩු කිසිදු ඉවක් බවක් නැතිව සල්ලි නාස්ති කළ ආකාරය අනුව මේ වගේ කොන්දේසි ඉදිරිපත් කිරීම ගැන කණගාටු වීමට හේතුවක් නැත. වත්මන් ආණ්ඩුව යටතේත් මේ කොන්දේසි ඉටුකිරීමට බැඳී සිටී. අවසානයේ පොලිත් එක්කම ණය ආපසු ගෙවිය යුතුය. ඒ අතර එම ණය මුදලට වඩා වැඩි ඍජු අයෝජන මුදලක් ලැබේ. අයෝජනයේ ප්රතිලාභ දිගු කාලීන ආදායම් උත්පාදන මාර්ගයක් මිස, ණය වාරික පොලියක් එක්ක ආපසු ගෙවිය යුතු නොවේ.
ජාතික ආර්ථිකයේදී මෙන්න මේ වගේ වාසි අත්පත් කර ගනිමින් යන අතර පොදු ජනතාවට සහන සැලසීමටද උපරිම කැපවීමකින් ආණ්ඩුව ක්‍රියාකරයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ ව්‍යාජ ඖෂධ නිසා ඇස් අන්ධ වූ වින්දිතයන්ට වන්දි ගෙවීම උදාහරණයකි. මේ පිරිස කුඩා සංඛ්‍යාවක් බව ඇත්තය. නමුත් ඇස් පෙනීම අහිමි වූයේ අපේම සහෝදර ජනතාවගේය. ඒ අයට වගේම ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ට ඒ ජීවිත මිල කළ නොහැකිය. ඇස් පෙනීම අහිමිවීම මිල කළ නොහැකිය. එසේ වුවත් යම් හෝ සහනයක් සැලසීම ආණ්ඩුවක වගකීමක්ය. ඒ වගකීම ඉටුකර තිබේ. ඊට අමතරව පාසල්, පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා රුපියල් 6,000/-ක ලිපිද්‍රව්‍ය ආධාර ලබාදීමට කටයුතු කර තිබේ. ඊට අමතරව පාසල් දරුවන් සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද විශේෂිත අවශ්‍යතා සහිතව අධ්‍යාපනය ලබන දරුවන්ද 822,300ක් දෙනාට පාවහන් ලබා ගැනීමට රුපියල් 3,000/-ක තිළිණ පත් ලබාදීමට සියල්ල සූදානම්ය. පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු දරු දැරියන් ලක්ෂ 15කට දිවා ආහාර ලබාදීමටත් සැලසුම් ක්‍රියාත්මක කරමින් තිබේ.
හාල්, පොල්, රිලව්, ඩ්‍රෝන
මෙන්න මේ ආකාරයට ජනතාවාදී ක්‍රියා මාර්ග රැසක් දියත් කර ජන සහභාගිත්ව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමටද අඩිතාලම සැලසුම් සහගතව ක්‍රමානුකූලව ඉදිරියට යමින් තිබේ. මේ අතර විපක්ෂය පොදු වශයෙන් කර තබාගෙන යන්නේ හාල්, පොල්, රිලව් සහ මවාගත් ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳ කතා ය. හාල් මාෆියාව ගැන තොරතුරු හෙළිවූයේ අද ඊයේ නොවේ. විශේෂයෙන්ම 2020 මහා බැංකු වාර්තාවෙන් මේ පිළිබඳ විස්තර සහිතව හෙළිකර තිබේ. පොල් පිළිබඳ ප්‍රශ්නයද ඒ වර්තාවෙන්ම හෙළිකර තිබේ. නමුත් මේ දක්වා ප්රශ්නය විසඳීමට විද්‍යානුකූල සැලසුම් සහගත කි‍්‍රයා මාර්ග කිසිවක් ගත්තේ නැත. වත්මන් රජය මේ මාස් කන්නයේදී වී මිලදී ගැනීමට රජයේ ගබඩා නවීකරණය කර අවසන්ය. රාජ්‍ය අංශයට පමණක් නොව කුඩා හා මාධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ටත් එම ගබඩාවල වී තොග රැස්කර තැබීමේ අවස්ථාව ලබාදීමට සූදානම් ය. මුල් වටයේදී රුපියල් කෝටි 500ක් වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගැනීමට වෙන්කර තිබේ. අලූතෙන් පොල් වගා කිරීමට කටයුතු කරමින් තිබේ. උතුරු පළාතේ අක්කර 40,000ක වගා ඉඩම් මේ සඳහා හඳුනාගෙන පොල් පැළ බෙදා දීමට නියමිතය.
රිලවුන් ඇතුළු වගා හානි කරන සතුන් සහ අස්වනු හානි කරන සතුන්ගේ ප්රශ්නය විසඳීමටද විද්‍යාත්මක ක්‍රමවේද අනුව කටයුතු කරමින් සිටී. රිළා ගැහැනු සතුන් අල්ලා ලූප් පැළඳීම එක් නිදර්ශනයක්ය. තවත් පැත්තකින් ගම්වල සිටින රිළවුන් පටවාගෙන ගොස් ඈත වනාන්තරවලට මුදාහැරීම සිදු කරයි. මේ කටයුතු කරන අතර අලූතින්ම එක්වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අනතුර තිබෙන බවය. ආරක්ෂක විශේෂඥ කමිටුවක් ලබාදී තිබෙන නිර්දේශයක් අනුව මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව 60 පිරිසකට සීමා කරනු ලැබීය. මේ නිසා සුසාන භූමිවලින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නැගිට ඇවිත් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට ප්‍රචාර දියත් කර ඇත. 2014-2015 කාලයේදී මහා ප්රචාරක මෙහෙයුමක් කරමින් තිබිණි. එයින් කීවේ ”රට බේරා ගත් නායකයාව විදුලි පුටුවට ගෙනියන්න” සැරසෙනවා යනුවෙනි. දැන් අවුරුදු දහයක් ගෙවී ගියත් මහින්දව විදුලි පුටුවට ගෙන ගියේ නැත. එහෙව් තැන දැන් කියන්නේ මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අනතුර තිබෙන බවය.
ඩ්‍රෝන කතාවලට සමගි ජන බලවේගයේ සජිත් පේ‍්‍රමදාසගේ මන්ත්‍රීන් ද අඩු නැතිව උල්පන්දම් දෙමින් සිටිති. මේ සියලූ දෙනාම උත්සාහ කරන්නේ ජනතාවගේ දේශපාලන අවබෝධය ”සහල්, පොල්, රිලා” සීමාවේ රඳවා තැබීමටය. මේ වගේ මාතෘකාවලට අලූතෙන්ම එකතු කර තිබෙන්නේ ඩ්‍රෝන කතාවය. එවැනි ප්‍රබන්ධ ප්‍රචාරවලට රූපවාහිනි නාලිකා එකක්, දෙකක් පණ දෙනවා පමණය. එසේ කර, ඔවුන් ඔවුන්ගේ දවසේ ගතමනාව ගැටගසා ගනිමින් සිටී. එහෙත් ජනතාව ඒ ප්‍රචාර කෙරෙහි අවධානය යොමුකර ඇති බවක් නොපෙනේ. මන්ද 2022 අරගලයෙන් පසුව ඉන්නේ තවදුරටත් මුලා කළ නොහැකි ජනතාවක්ය.










