පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන දිනක කෑම පැකේජය රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමීමට විරුද්ධව සමගි ජන බලවේගය දියත් කිරීමට සූදානම් වූ ප්‍රචාර අතරමග නවතා දැමීමට සිදු වී ඇතැයි වාර්තා වේ.
කැන්ටිමේ කෑම මිල සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ පොහොට්ටු මන්ත්‍රීවරු අතර පසුගිය සතියේ පාර්ලිමේන්තුව අවසානයේ අහම්බෙන් සංවාදයක් හට ගෙන තිබේ. එහිදී විවිධ අදහස් ඉදිරිපත් වී ඇති අතර ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දී තිබෙන්නේ මන්ත්‍රීවරුන්ට දිනකට පැමිණීමේ දීමනාව වශයෙන් රුපියල් 2,500ක් ලැබෙන බව ය.
මේ සමඟම සංවාදය අවසන් වී තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කර තිබුණේ දැනට නියම කර ඇති දිනක කෑම පැකේජය රුපියල් 700ක් හෝ 800ක් තරම් උපරිම වශයෙන් වටිනා බව ය.
Views: 0










