ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයේදී පිහි කල්ලියක් ක්‍රියාත්මක වී ඇති බවත්, ඔවුන්ගේ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.
පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස රජයට බල කරමින් එම විරෝධතාවය පවත්වනු ලැබීය. එහි සංවිධාන කටයුතු “ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව” නමින් හඳුන්වා ගත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබීය. ඔවුන් අතර සිටි පිහි කල්ලියක් ද ක්‍රියාත්මක වී ඇති බව පොලිස් නිලධාරීන්ට එල්ල කළ ප්‍රහාරයෙන් තහවුරු වී ඇති අතර සංවිධායකයින් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම විසඳීම සඳහා ආණ්ඩුව සාධනීය ක්‍රියාමාර්ග ගෙන තිබියදී එම උද්ගෝෂණය පවත්වනු ලැබීය. එහිදී ප්‍රහාරයට ලක් වූ එක් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් තහවුරු කර ඇත.
ආණ්ඩුව අප්‍රසාදයට ලක් කරවීමේ අරමුණින් පොලිසිය සහ උද්ගෝෂකයන් අතර බරපතළ ගැටුමක් සාදා ගැනීම සඳහා සංවිධානාත්මකව එම පිහි ප්‍රහාර එල්ල කර ඇති බවට සැකයක් මතු වී තිබේ.










