අපි අනුර එක්ක වැඩ කරන්න සූදානම් – IMF ප්‍රකාශකරයි

අපි අනුර එක්ක වැඩ කරන්න සූදානම් – IMF ප්‍රකාශකරයි

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

විශේෂයෙන්ම 2022 ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය පියමන් කර ගැනීම සඳහා එමගින් හැකිවෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා වන තෙවැනි සමාලෝචනය කළ යුතු කාලය සම්බන්ධයෙන් නව පාලනය සමග සාකච්ඡා කරන බවද ඔවුන් සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 2023 වසරේදී ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් සැපයීය. එය මාස 48ක වැඩසටහනකි.

Facebook
Twitter
LinkedIn