ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (23) උදෑසන සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
අනුර කුමාර දිසානායක මෙරට නව වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබූවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේය.
2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඡන්ද 5,740,179ක් ලබාගනිමින් ජයගත් අතර ඔහුගේ ජයග්‍රහණය ඉතිහාසගත වන්නේ, පාර්ලිමේන්තුව තුළ ආසන 03ක් පමණක් හිමිව තිබූ සමාජවාදී නැඹුරුවක් සහිත පක්ෂයකින් තේරී පත්වූ මෙරට පළමු ජනාධිපතිවරයා ලෙසය.
අනුර කුමාර දිසානායක 2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේදීද ජනාධිපති ධුරය සඳහා තරග කළ අතර එහිදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ, ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 03%කට ආසන්න ප්‍රතිශතයකි.
195









