සිරිලිය ශිරන්ති ජනාධිපති කොමිසමට

shiranthi-rajapaksa.jpg - 11.31 Kbහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (25) දිනයේ ප්‍රශ්න කිරීම සඳහා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිසම මගින් දැනුම් දී තිබේ.

ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ නිවාස සංවර්ධන අධිකාරියෙන් ඉදිකළ නිවසක් ඇයගේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ මිලින්ද සිරිවර්ධන නැමැත්තාට ලබා දීම සම්බන්ධයෙනි.

හිටපු නිවාස ඇමති වීරවංස තම පවුලේ සාමාජිකයින්ට නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් භාවිතා කර ඉදිකරනු ලැබූ නිවාස ලබා දීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේදී මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

 

Facebook
Twitter
LinkedIn