අපේ එදිනෙදා ජීවිතය තුළ මනුෂ්‍යත්වයේ වෙනසක් දැකිය හැකි වන්නේ අපට පැවරී තිඛෙන දේශපාලන වගකීම ඉටු කිරීමෙන් පමණයි – රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස

අපේ එදිනෙදා ජීවිතය තුළ මනුෂ්‍යත්වයේ වෙනසක් දැකිය හැකි වන්නේ අපට පැවරී තිඛෙන දේශපාලන වගකීම ඉටු කිරීමෙන් පමණයි – රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස

අපේ එදිනෙදා ජීවිතය තුළ මනුෂ්‍යත්වයේ වෙනසක් දැකිය හැකි වන්නේ අපට පැවරී තිඛෙන දේශපාලන වගකීම ඉටු කිරීමෙන් පමණක් යැයි රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කලේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (28) පැවති කලාකරුවන්ගේ එකමුතුවේ `රට අනුරට’ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස,

“මේ රටේ ඓතිහාසික වෙනසක් අපේක‍ෂා කරන කලාකරුවන් ජාතික ජන බලවේගය වටා එක් වී සිටිනවා. ඒ අය නියෝජනය කරමින්, සුළු පිරිසක් මේ අවස්ථාවට එක් වෙනවා. මෙතෙක් කල් තිබුණු ක්‍රමය වෙනස් කරලා ජනතාවාදී පාලනයක් පිහිටුවන්න අපි සියලූ දෙනාත් මැදිහත් වෙනවා. ආර්ථීක කඩාවැටීම ගැන මෑතක දී කතා කළත්, කලාව සහ සෞන්දර්යය තුළ කඩාවැටීම දශක ගණනාවක් පුරා සිදු වෙමින් පවතිනවා. ජනතාවගේ ආධ්‍යාත්මික වෙනසක් ඇති කරන්න නම්, සැප්තැම්බර් මාසයේ 21 වැනිදා ඡන්දය ලබා දීම පමණක් ප්‍රමාණවත් මඳි.

අපි කරන කලාව තුළින් තව විශාල මෙහෙවරක් සිදු කළ යුතු වෙනවා. ඒ වාගේම එයින් බාහිරව සිදු කරන මැදිහත් වීමෙන් තමයි, අපේ එදිනෙදා ජීවිතය තුළ, මනුෂ්‍යත්වය තුළ වෙනසක් දැකිය හැකි වන්නේ. අන්න ඒ වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කිරීමේ වගකීම අපට තිඛෙනවා. ඒ දේශපාලන වගකීම ඉටු කිරීමෙන් පමණයි අපගේ ජීවිතවල ඇත්ත මනුෂ්‍යත්වයක් ඇති කරගත හැක්කේ.”

මෙම මාධ්‍ය හමුව සඳහා සංගීතවේදී මිත්‍ර කපුගේ, සාහිත්‍යවේදී කමල් පෙරේරා, නාට්‍යවේදී ලලිත් රාජපක්ෂ, රංගන ශිල්පිණී දීපානි සිල්වා, චිත්‍රශිල්පී අනුර ශ්‍රීනාත්, රංගන ශිල්පිනී මනෝජා ප්‍රනාන්දු, සංස්කරණ ශිල්පී බුද්ධික රණසිංහ, ගායනවේදී ක්‍රිෂාන්ත එරන්දක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රංගන ශිල්පී ජගත් මණුවර්ණ, රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි, රංගන ශිල්පී මහින්ද පතිරගේ, රංගන ශිල්පී කළණ ගුණසේකර, රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා, සාහිත්‍යවේදී රවී සිරිවර්ධන, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, රංගන ශිල්පිණී නදී කම්මැල්ලවීර, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, රංගන ශිල්පීණී නිපුණි ශාරදා, චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක, රංගන ශිල්පී චමින්ද බටුකොටුව, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය නොයෙල් විජයරත්න, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ, රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා, සංගීතවේදී ඉන්ද්‍රචාප ලියනගේ, මහාචාර්ය මංගල සේනානායක, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, අංග රචනා ශිල්පී නාරද ධනංජී, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රුවන් කුඩලිගම, සාහිත්‍යවේදී ශාන්ති දිසානායක, සාහිත්‍යවේදී සුදාරාජ් එස් රාජසිංහම්, ජ්‍යෙෂ්ට සහාය අධ්‍යක්ෂල සරත් සේනාරත්න, නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු, සාහිත්‍යවේදී දේගවී ගාල්ලගේ, නාට්‍යවේදී චමරු පතිරණ සහ රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස ඇතුළු කලාකරුවෝ පිරිසක් සහභාගී විසිටියහ.

Facebook
Twitter
LinkedIn