කවුරු කොයිපැත්තට පැන්නත් ජනතාව ඉන්නේ ඒ ගොල්ලන් එක්ක නෙවෙයි මාලිමාව සමග යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (27) මිනුවන්ගොඩදී පැවති ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී ජනාධිපතිවරණ රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් ජනතවා ඇමතූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්,
“ලංකාවේත් ලෝකයේත් වෙසෙන සියළු දෙනා දන්නවා අනුර කුමාර දිසානායක සහෝදරයා දැනටමත් මේ ජනාධිපතිවරණය දිනල ඉවරයි කියලා. දැන් තියෙන්නේ අපේ ජය විජයග්‍රහණයක් කරන්නයි. මේ ආසනයේ වැඩිම ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ගිය ප්‍රසන්න රණතුංග අද රනිල්ගේ ඔඩොක්කුවේ. මහ බැංකුව කොල්ලකාපු එකා රට වට්ටපු එකා කියල තමයි එදා ප්‍රසන්නලා රනිල්ට බැන බැන ඡන්ද එකතු කළේ. දැන් රනිල්ගේ දෙපතුල් ලෙවකනව. ලැජ්ජයි නේද?
අනෙක්කෙනා දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්ත කෙනා. ගොඨාභයගෙ හිතවතා, උගතා. වියතා කියල කිව්ව නාලක ගොඩහේවා දැන් සජිත්ගේ ඔඩොක්කුවේ. ලැජ්ජාවක් නැද්ද? ලැජ්ජ නෙමෙයි අප්‍රසන්නයි. යු.එන්.පීය දෙකට ඛෙදුනා. රනිල් පිල හා සජිත් පිල කියල. ඒ පලූදෙකේ දෙපැත්තේ වැලේ වැල් නැති එවුන් එක එකා ගිහිල්ල එල්ලෙනවා.
එදා මේ මිනුවන්ගොඩ ආසනයෙන් ඡන්ද 65,000ක් පොහොට්ටුව ගත්තා. ආසනයේ ඡන්ද එක්ලක්ෂ විසිහතර දාහක් තිඛෙනවා. එයින් සියයට 80ක්ම මෙදා සැරේ අපේ අනුර සහෝදරයාට ලැඛෙනවා නියතයි. මුළු ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජාතික ජන බලවේගය දිනනවා. ඒක ඉර හඳවගෙ විශ්වාසයි. කවුරු කොයිපැත්තට පැන්නත් ජනතාව ඒ ගොල්ලන් එක්ක නෑ. ජනතාව ඉන්නේ අපි සමගයි. ලබන 21 වෙනිදාට අපි ඒක ඔප්පුකරල පෙන්වනවා. මිනුවන්ගොඩ වගේම මුළු රටේම ජනතාව අද ඉන්නේ මේ රට ගොඩනගන ජාතික ජන බලවේගය පැත්තේ. ඇලිස්පිටිය පිරී ඉතිරී ගිය බව අද කියාපාන්නේ ඒකමයි.
අද රටේ පොලිස්පතිවරයෙක් නෑ. ඒ කියන්නේ රටේ ජනතාවගේ නීතිය සාමය රකින්න ඉන්න ප්‍රධානියාගේ පුටුව හිස්. මේක හරි භයානක තත්වයක්. රටේ සමස්ත ජනතාවගේම ජීවිත අනතුරේ. ජනාධිපති මැති ඇමතිල රකින්න ඕනතරම් පොලිසිය ඉන්නවා. ජනතාව ආරක්ෂා කරන්න කවුරුත් නෑ. අද මෙහේ ඉන්න අර ජනාධිපතිගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක රකින්න පොලිසිය සහ වාහන ඉස්සරහින් පස්සෙන් යනවා. කොච්චර ජනතා මුදලක් වැය වෙනවාද? සාගල රත්නායක රකින්නත් එහෙමයි. මේ හාදයෝ එහෙම රකින්න ඕන කට්ටියද? මොකද තියෙන තර්ජන?
අපි මේ රටේ ජනතාවට සහතික කරල කියනව සැප්. 23 වෙනිද වෙනකොට සාගල, ගොඩහේව, ප්‍රසන්න ඇතුළු නඩයට මහජන මුදල් කාබාසිනියා කරමින් ප්‍රභූ ආරක්ෂක වළලූ වලින් වටවී ඔබලා මෙතෙක් කල් ගෙනගිය ඔය ජඩ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා. ජනතාවගෙන් පිදුම් ලබමින් සිටින මේ හොරුන්ගේ දේශපාලන සංස්කෘතිය අපි සහමුලින්ම වෙනස් කරනවා.
සජිත්ගේ අම්ම නඩත්තුවෙන්නේ කාගෙ මුදලින්ද? ජනතා මුදලින්. ඒ මුදල් වලින් එයාට මදුරු කොයිල් එක පවා අරන්දෙන්න වෙලා. ජනාධිපති කාර්යාලයට ලියුමක් යවනවා මදුරු කොයිල්, පෑන් පැන්සල් පවා ඉල්ලලා. දැන් සජිත් ප්‍රේමදාස රටවටේ යනව සුහුරු පංති හද හද. අපි කියනව ඔය ගමන්ම ඔයාගේ අම්මට පුළුවන්නම් සුහුරු ඛෙඩ්රූම් එකක් හදල දෙන්න කියලා.
අරගලයෙන් පැන්නූ ගොඨාභය රාජපක්ෂ දැන් ජීවත්වෙන්නේ කාගේ මුදල් වලින්ද? තමුන්නාන්සේලාගේ බදු මුදල් වලින්. ඉන්න නිවාසය පවා එහෙමයි. මාසික වැටුප රු. 97,500යයි. මාසික දීමනාව රු.100,000යයි.
මාසෙට ප්‍රවාහන දීමනාව දෙනව රුපියල් හත්ලක්ෂ හාරදහසක්. දැන් එයාට රාජකාරියක් තිඛෙනවාද? කරන්න නෑ. මේ ඔක්කොම තමුන්නාන්සේලාගේ බදු මුදල්. මේවා නවත්වන්න ඕනද? නැද්ද? අපේ පාලනයක් යටතේ වහාම මේ මහජන මුදල් කාබාසිනියා කරන එක නවත්වනවා. මේව නතර කරන කොට රටට පහසුවෙන්ම සල්ලි එනව. අපි මේ කිව්වෙ එකයි. දෙකයි. ඒ ටිකම ඇති තත්වය තේරුම් ගන්න. හොරකමයි, නාස්තියයි නවත්තපුගමන් ආර්ථීකයට විශාල මුදලක් එකතු වෙනවා.
රටේ නිෂ්පාදනය කඩා වට්ටල ඇල්පෙනෙත්තේ ඉඳන් චීනයෙන්, ඉන්දියාවෙන් ගේන්නේ. මාලිමා ආණ්ඩුව ආ පසු කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන සැලසුම් හරහා අපේ රටේ නිෂ්පාදන ආර්ථීකය ක්‍රමානුකූලව ශක්තිමත් කරනවා. කාර්මීකරණය මත පදනම්වූ නිෂ්පාදන ආර්ථීකයක් අපි ගොඩනගනවා. එහෙම වෙනකෙට රට ටිකෙන් ටික සංවර්ධනය කරා යනවා. රට පොහොසත් වෙනවා. රටේ මිනිස්සුන්ගේ ජීවිතත් ලස්සන වෙනවා.”













