අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු බලතල යොදවමින් මහජන බදු මුදල් වැය කර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සහ ඇතැම් පිරිස් මඩ බලකායක් ලෙස ද යොදා ගනිමින් සිටින බව අවස්ථා කිහිපයක දී ම හෙළි වී තිබිණි.
ජනාධිපති කාර්ය මණ්ඩලය ලෙස 1,350 දෙනෙකු නිල වශයෙන් අනුමත කර ගෙන තිබෙන අතර එම පිරිස අතුරින් ඍජුව ම තම දේශපාලන කටයුතු සඳහා යොදවා ගන්නා පිරිස පිළිබඳව තොරතුරු රැසක් හෙළි වී ඇත. ජනාධිපති උපදේශකයන් සහ විශේෂ සහායකයන්, අධ්‍යක්ෂ ජනරාල්වරු, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරු සහ අධ්‍යක්ෂවරු මෙන් ම සාගල රත්නායක යටතේ ඍජුව ම මෙහෙයවන 30 දෙනෙකු පිළිබඳව විස්තර හෙළි වී ඇත.
අද (25) නිකුත් කරන ලද “අනිද්දා“ පුවත්පත විශේෂ ලිපියක් පළ කරමින් “එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙන් පෙනෙන ජනාධිපති කාර්ය මණ්ඩලය“ යන සිරස්තලය යටතේ පළ කර තිබෙන ලිපියක් අවසානයේ තිබූ නාම ලේඛනය උපුටා ගෙන පහත දැක්වේ.










