එළඹෙන ජනාධිපතිවරණය මුල් කර ගනිමින් විශේෂයෙන් ම ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අවධානයක් යොමු කරන බොහෝ විද්වතුන් විචාරාත්මක අදහස් ජනතාව හමුවේ තබමින් සිටී.
ආචාර්ය අමීර් අලි මේ ආකාරයෙන් සපයා තිබූ ලිපියක් පසුගිය 15 වෙනි දින Daily FT පුවත්පතේ පළ කිරීමෙන් පසුව සමන් පුෂ්ප ලියනගේ සිංහලට පරිවර්තනය කර ඊයේ (23) නිකුත් කළ ලංකාදීප පුවත්පතේ පළ කර තිබිණි.
එම ලිපිය මගින් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දෙදෙනාගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කළ ආචාර්ය අමීර් අලි සඳහන් කර තිබෙන්නේ එකම ප්‍රතිපත්තියක් දෙදෙනාටම තිබෙන බව ය.
ඒ බව සඳහන් කොටස උපුටා ගෙන පහත දැක්වේ.
“සජිත් ප්‍රේමදාසගේ ක්‍රම වෙනස හා පාලනය රනිල් වික්‍රමසිංහගේ බෝට්ටුවේමය. වෙනසකට ඇත්තේ ආර්ථික අර්බුදයට වගකිව යුතු අය ඔහු නීතිය ඉදිරියට ගෙන එනවා කීම පමණකි. පරණ ක්‍රමය ඔස්සේ පෝෂණය ලැබූ ආණ්ඩු ක්‍රමයකින් එසේ සිදු නොවන බව අයෙකුට සහතික කොට කිව හැකිය. මුස්ලිම් පක්ෂ ද සමඟ එක් වෙමින් සජිත් ප්‍රේමදාස දැනටමත් එම ව්‍යාපාරික දේශපාලන ක්‍රමයේ නිමග්න වී එයින් ප්‍රයෝජන ලබයි. ඔහු එම ක්‍රමය විනාශ කරන්නේ කුමටද?“









