ජනාධිපති ධුරයේ බලතල සියලු ආකාරයෙන් අනිසි ලෙස යොදාගෙන ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටින රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතා පිළිබඳව ලබාදෙන බොරු අර්තකථනවලින් වසා තිබෙන ඇත්ත තත්වය පෙන්වාදීමට ආර්ථික විද්‍යා මහාචාර්යවරු ඇතුළු විශේෂඥයින් ගණනාවක් ඉදිරිපත්ව සිටිති.
මෑතදී රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් පසුගිය 20 වෙනි අඟහරුවාදා දිනමිණ පුවත්පතේ පල කර තිබුණේ “රජයේ වැඩපිළිවෙල අතරමග නතර කළ හොත් රටේ අර්ථිකය යළි කඩා වැටෙනවා” යනුවෙනි. එහි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත අත්සන් කර තිබෙන ගිවිසුම් 17ක් මගින් මෙරට ආර්ථිකය ගොඩගැනීමේ ක්‍රියාවලිය වෙනත් පාලනයක් යටතේ බිඳවැටෙන බවයි.
එහෙත් අද (23) ලංකාදීප පුවත්පතේ “ජනපති පොරපිටිය” යන මැතිවරණ අතිරේකයට “ජනපතිවරණයෙන් පසු IMF ගිවිසුමට කුමක් වෙයිද?” යන සිරස්තලයෙන් ලිපියක් සම්පාදනය කර තිබෙන රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නන්දසේන කීඹියහෙට්ටි එම ප්‍රකාශවල බොරුව පිළිබඳව කරුණු හෙළි කර තිබේ. ආචාර්ය නන්දසේන කීඹියහෙට්ටි සරළ ලෙස එය දක්වා තිබූ ආකාරය උපුටාගෙන පහත දැක්වේ.
“මෙම ප්‍රකාශය ඡන්ද දායකයන් නොමග යවා ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට දරණ උත්සාමයකි. සත්‍යය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රට සමග බැඳීමක් මිස කිසිදු පුද්ගලයෙකු හෝ දේශපාලන පක්ෂයක් සමග හෝ බැඳීමක් නොවන බවයි. එබැවින් වික්‍රමසිංහ නැවත බලයට පත්වීම හෝ නොවීම මෙම ගිවිසුමට කිසිදු බලපෑමක් ඇති නොකරයි.” යනුවෙන් සරළව පැහැදිලි කර ඇත.









