විපක්ෂ නායක ධුරයේ සියළු බලතල සහ වරප්‍රසාද යොදා ගනිමින් සජිත් ප්‍රේමදාස ගෙන යන ප්‍රචාරක රැල්ල හිස් එකක් බව ඉල්ලා අස්වීමේ කතාව කරමින් තලතා අතුකෝරාල හෙළි කර තිබිණි.
කරුණු සහිතව ඒ බව තහවුරු කිරීමට ඇය සමත් වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී කළ සමස්ත කතාව තුළ ම සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ගොඩ නගා ඇති හිස් බව පිළිබඳව අවධාරණය කර තිබිණි.
මතු දැක්වෙන උපුටා ගැනිමෙන් ඒ බව තහවුරු වේ.
“තමන් කොච්චර අපරණිත වුවත් තමන්ගේ අපරිණිත බව ජනතාව අතරේ කතා බහට ලක් වුණත් ඒ ගැන වගේ වගක් නැහැ. කොහොම හරි තමන්ට රටේ නායකයා වෙන්න ඕනා. ඊට කාලය හරිද, පරිසරය හරිද, වැරදුණොත් විය හැකි විනාශය කොයි වගේද, එය ප්‍රතිපූර්ණය කළ හැකි දෙයක් ද, එවැනි විනාශයක වගකීම ගන්න තමන්ට පුලුවන් ද වගේ කරුණු ගැන කිසිම සොයා බැලීමක් නෑ. අඩුම ගානේ තමන් තුළ ඊට අවශ්‍ය නායකත්ව ගුණාංග තියෙනවාද කියලා හිතන්නවත් වෙහෙසෙන්නේ නෑ. ඉතාම අපරිණත ආකාරයේ කෘතිම රැල්ලක් සාදාගෙන බලය ගන්න උත්සාහ කරනවා මිසක් එය රැක ගැනීමට කිසිම වැඩ පිළිවෙලක්, සැලැස්මක් ඔළුවේ නෑ.“ යනුවෙන් සජිත් ප්‍රේමදාස චරිත සොබාවය පිළිබඳව සරළ සහ ගැඹුරින් විග්‍රහ කර ඇත.









