ඊයේ (08) වෙඩි තබා ඝාතනය කරන ලද ක්ලබ් වසන්ත නම් පුද්ගලයා ළඟ දේශපාලකයන්ගේ කළු සල්ලි විශාල ප්රමාණයක් සඟවා තිබූ බවට බරපතළ සැකයක් මතු වී තිබේ.
විශේෂයෙන් ම ඔහු රාජපක්ෂ පවුල සමඟ අතිශය සමීප සම්බන්ධතා පවත්වා ගෙන ගොස් තිබේ. ඝාතනය බොහෝ කලකට පෙර පවා හෙළි වී තිබුණේ රාජපක්ෂ පවුලට සම්බන්ධ අති විශාල කළු සල්ලි ප්රමාණයක් මෙම වසන්ත හරහා කොළඹ කොටස් වෙළඳපොලට පොම්ප කර තිබූ බව ය. ඊට අමතරව ඉඩම් ඇතුළු දේපළ ප්රමාණයක් ද රටේ විවිධ ප්රදේශවල ඔහුගේ නමින් දේශපාලන ප්රබලයන් මිල දී ගෙන ඇති බව හෙළි වේ.
මෙම ඝාතනය සිදු වීමත් සමඟ ම බොහෝ දෙනෙකු ප්රශ්න කර තිබුණේ දේශපාලකයන්ගේ කළු සල්ලි පිළිබඳ සාක්ෂි සඟවා තැබීම සඳහා එම ඝාතනය සිදු කරන්නට ඇති බව ය.
Views: 0










