ඉදිරි දින කීපය තුළ කැබිනට් ඇමති මණ්ඩලය පුළුල් කරමින් සමගි ජන බලවේගයේ මන්ත්රීවරු තිදෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබා දීමේ සූදානමක් ඇතැයි තිනකුරල් පුවත්පත හෙළිකර තිබේ.
අද (28) නිකුත් කළ එම පුවත්පතේ අදාළ ප්රවෘත්තියෙන් වැඩි දුරටත් හෙළිකර තිබෙන්නේ රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා සහ පාටලී චම්මික රණවක යන තිදෙනාට ඇමති ධුර ලබාදීමේ සූදානමක් ඇති බවයි.
ඇමති මණ්ඩලය පුළුල් කිරීමක් පිළිබඳව දැඩි කතාබහක් ඇති වී තිබේ. ලබන ජූලි 02 දින අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කිරීමට සැලසුම් කර ඇත. එම ප්රකාශය පිළිබඳව ඡන්ද විමසීමක් පවත්වා තීරණාත්මක ලෙස මන්ත්රී ධුර වැඩි කර ගැනීම ඔහුගේ අරමුණ වී ඇති බව මේ වනවිටත් හෙළිවී ඇත.
Views: 0










