රනිල් මේ දැඩි අනතුරු ඇඟවීම කළේ කාටද?

රනිල් මේ දැඩි අනතුරු ඇඟවීම කළේ කාටද?

රනිල් වික්‍රමසිංහ කොත්මලේ අධිකරණ සංකීර්ණය විවෘත කරමින් අද සහභාගී වූ උත්සවයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ප්‍රචාරය යටින් තිබෙන මහා ජාවාරමක් පිළිබඳව අනතුරු ඇඟවීම් සහිත හෙළි කිරීමක් කළේය.

ඔහු එම උත්සවයේදී සඳහන් කළේ පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ප්‍රචාරය කිරීමත් සමඟම පසු දිනම කොළඹ කොටස් වෙළඳපොලේ කොටස් මිල සීග්‍රයෙන් පහත බසින බවත්, එසේ පහත වැටෙන කොටස් මිල දී ගන්නා අය ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය කලින් නොපැවැත්වෙන බව තහවුරු වීමත් සමඟ අදාළ ජාවාරම්කරුවන් ඔවුන් අඩු මිලට මිලදී ගත් කොටස් වැඩි මිලට විකුණා ලොකු ලාභයක් උපයා ගන්නා බවයි.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ මේ වනවිට රටේ දේශපාලන අස්ථාවරත්වයක් සහ ආර්ථික ජාවාරම අතර සහසම්බන්ධතාවයක් පවතින බවත් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජාවාරම්කරුවන් පිළිබඳව ඔහු හොඳින් දන්නා බවත් ය.

මහ බැංකු මහා බැඳුම්කර මංකොල්ලයේ මූලික චූදිතයෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් අවශ්‍ය අවස්ථාවක මෙරටට ගෙන්වා දිය හැකි බව 2015දී ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මේ දක්වා අදාළ ජාවාරම්කරුවන් රකිමින් සිටින අතර මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

Facebook
Twitter
LinkedIn