ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති ICC විධායක මණ්ඩල රැස්වීමේදී ස්ථීරවම අනුමත කර තිබේ.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමටද එහිදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බව ආරංචිමාර්ග වාර්තා කරයි.
කෙසේ වෙතත් ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගි වන තරගාවලි සඳහා එමගින් බලපෑමක් ඇති නොවන බවද මාධ්‍ය වාර්තාවල දැක්වේ.
226










