ලොව ප්‍රමුඛතම කෘත්‍රීම බුද්ධිය හා සම්බන්ධ සමාගමක නිර්මාතෘව නෙරපා හරියි

ලොව ප්‍රමුඛතම කෘත්‍රීම බුද්ධිය හා සම්බන්ධ සමාගමක නිර්මාතෘව නෙරපා හරියි

ලොව ප්‍රමුඛතම කෘත්‍රීම බුද්ධිය හා සම්බන්ධ සමාගම වන “OpenAI” සමාගමේ නිර්මාතෘ සහ එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ සෑම් ඔල්ට්මාන්ව එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය සතියේ එම සමාගමෙන් ඉවත් කර තිබේ.

එම සමාගමේ සේවකයින්ගෙන් 95%ක් අධ්‍යක්ෂ මණ්ඩලයට ලිපියක් යොමු කරමින් බල කර සිටින්නේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය දුර්වල බවත් සිය සමාගමේ කටයුතු මෙම තීරණය හේතුවෙන් අඩපන විය හැකි බවත් සිය ප්‍රධානියාව නැවතත් සේවයේ පිහිටුවන ලෙසත්ය.

මේ අතර තම සමාගමේ පර්යේෂණ අංශයේ නව ප්‍රධානියා ලෙස සෑම් ඔල්ට්මාන්ව තෝරාගත් බවට මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර ඇත.

කෙසේ වෙත්ත සිය ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් තමන්ද “OpenAI” සමාගමෙන් අස්වන බව සේවකයිද ප්‍රකාශ කර තිබේ.

මෙවැනිම සිදුවීමක් මීට පෙර, ලොව පුමුඛතම පරිඝණක සමාගමක් වන ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්වද මෙලෙස එම සමාගමෙන් ඉවත් කරණ ලද අතර පසුව ඔහු නෙක්ස්ට් සමාගමක් පිහිටුවා ඒ තුළින් යලි ඇප්ල් සමාගම අත්පත්කරගන්නා ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්