දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

අද (13) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉන්ජිනියර්ස් වෘත්තීය සමිතිය තීරණය කර තිබේ.

අදාළ සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බව ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව, හෙට (14) දහවල් වනවිට දුම්රිය ධාවනය යථා තත්වයට පත් වනු ඇතැයි පැවසේ.

Facebook
Twitter
LinkedIn