ණය කැපීම ගැන කතාකරන්න ආණ්ඩුවේ කෙරුමන් නැහැ – නිලධාරීන් ඉදිරියට දමයි

ණය කැපීම ගැන කතාකරන්න ආණ්ඩුවේ කෙරුමන් නැහැ – නිලධාරීන් ඉදිරියට දමයි

අද රාත්‍රියේ සියලුම රූපවාහිනී නාලිකා සම්බන්ධ කරගනිමින් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ වැඩසටහනක් විකාශනය කළ අතර ජනාධිපති මාධ්‍ය ඒකකයේ ධනුෂ්ක රාමනායක එය මෙහෙයවූවද ආණ්ඩුවේ වගකිවයුතු කිසිවෙකුත් ඊට සහභාගී නොවීය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජනාධිපති ජ්‍යෙස්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන නිලධාරීන් පමණක් එහිදී කරුණු දැක්විය. ඔවුන් මෙම ක්‍රියාවලිය පිළිබඳව දිගින් දිගටම තාක්ෂණික කරුණු පැහැදිලි කිරීම්වල යෙදී සිටියහ.

Facebook
Twitter
LinkedIn