මාධ්‍යවේදියාගෙන් නාමල් කොර වෙන ප්‍රශ්නයක්

මාධ්‍යවේදියාගෙන් නාමල් කොර වෙන ප්‍රශ්නයක්

ලක්ෂ 69ක් ජනතාව ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂට තිබෙන ආදරය නිසා බව නාමල් රාජපක්ෂ දේශය පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියා තීරණාත්මක ප්‍රශ්නයක් පෙරලා යොමු කර තිබේ.

එම පුවත්පතේ මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කර තිබෙන්නේ “69 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඔබ කියන විදිහට මහින්ද මහත්තයා වෙනුවෙන් නම් ඔහුට විරුද්ධව සිටි රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්කර ගැනීමත් එක්ක ඔබ හිතනවාද ඒ තීරණය අර 69 ලක්ෂයකට කළ සාධාරණයක් කියලා? ඒක ජනතාව පිළිගනීවිද?“ යනුවෙනි.

නාමල් රාජපක්ෂ ලබාදී තිබෙන පිළිතුර මෙසේය.

“මම හිතන්නේ ඒ වෙලාවේ ඇති වෙලා තිබුණු දේශපාලන තත්වයත් එක්ක තමයි ඒ තීන්දුව ගත්තේ. ඔබ දන්නවා කොවිඩ් අර්බුදයත් එක්ක රට හිර වුණා. අපි යහපාලන ආණ්ඩුවට බලය දෙද්දී 7% ගානක ආර්ථික වර්ධන වේගයක්. ඒත් අපිට අයෙ දෙද්දි ඒක 2%ට බැහැලා තිබුණේ. මේ සියල්ල එක්ක ඇතිවුණු අර්බුද හමුවේ තමයි රට තුළ විවිධ අර්බුද ගොඩ නැගුණේ. ඒ නිසායි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා තෝර ගත්තේ අවසානය වෙද්දි. ඒ කොහොම කළත් අපි ඒ කළේත් 69 ලක්ෂයේ ජන වරමට සාධාරණය ඉෂ්ඨ කළ එක.“

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්