ඩෙංගු අධි අවදානම් කලාප 57ක්!

ඩෙංගු අධි අවදානම් කලාප 57ක්!

ඩෙංගු අධි අවදානම් කළාප 57ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව මාධ්‍ය වාර්තාවල පලකර තිබුණත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෙළි කර නැත.

වසරේ මේ දක්වා (මැයි 25) ගෙවී ගිය කාලය තුළ ඩෙංගු ආසාදිතයින් 35,675ක් වාර්තා වී ඇති අතර මරණ 32ක් සිදු වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් හමු වී ඇත. එම සංඛ්‍යාව 17,653කි. දෙවන විශාලතම සංඛ්‍යාව නැගෙනහිර පළාතෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 4,388ක්ය.

මේ වනවිට දිනකට නව රෝගීන් 250ත් 350ත් අතර සංඛ්‍යාවක් හඳුනාගනිමින් තිබෙන බව සෞඛ්‍ය අංශ හෙළි කර තිබේ.

Facebook
Twitter
LinkedIn