මාලබේ සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින් ලිමිටඞ් ආයතනය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ACMOA)ට එරෙහිව රුපියල් කෝටි 100ක වන්දි මුදලක් ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබෙන බව එම සංගමය පවසයි.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් 2014 ඔක්තෝම්බර් 19දින ප්‍රසිද්ධ කරන ලද “මාලබේ වෛද්‍ය උපාධි කඩය වසා දැමීමට ආණ්ඩුවට බලකරන වෛද්‍යවරන්ගේ පෙත්සම අත්සන් කිරීම ඇරඹේ” නමැති ශීර්ෂය සහිත මාධ්‍ය නිවේදනයේ ඇතුළත් කරුණු මගින් හා 2014 ඔක්තෝම්බර් 24දින ප්‍රසිද්ධ කරන ලද “මාලබේ වෛද්‍ය උපාධි කඩය ඇතුළු වෛද්‍ය ආයතනය පෞද්ගලීකරණයට එරෙහි පොදු සංවිධානයක් ගොඩනැගීම ඇරඹේ” යන ශීර්ෂය සහිතව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඇතුළත් කරුණු මගින් සයිටම් ආයතනයේ කීර්ති නාමයට හා ප්‍රතිරූපයට සිදු වූ හානිය රුපියල් කෝටි 100කට ඇස්තමේන්තු ගත කර ඇති බව උක්ත ආයතනය තීරණය කර ඇත.
මේ වනවිට මෙම නඩුවට අදාලව නීතිමය කරුණු නීතීඥ මණ්ඩලයක් සමග සාකච්ඡා කරමින් නීති උපදෙස් ලබා ගනිමින් සිටින අතර සයිටම් ආයතනය 2008 වර්ෂයේ සිට සිදු කරන ලද වංචා, දූෂණ හා සියළු රැවටීම් ගරු අධිකරණය හමුවේ හෙළිදරව් කරමින් උක්ත ආයතනයේ සැබෑ ස්වරූපය හෙළිදරව් කිරීම සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානමින් සිටින බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙවැනි රැවටිලිකාරී ආයතන මගින් වෛද්‍ය වෘත්තීය හා රටේ ජනතාවගේ සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීමට ක්‍රියා කරන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි වැඩපිළිවෙල මෙවැනි ක්‍රියාමාර්ග මගින් නවතා දැමිය නොහැකි බවද පසුගිය ආණ්ඩුවේ ආශීර්වාදය යටතේ ක්‍රියාත්මක වූ උක්ත ආයතනය වර්තමාන ආණ්ඩුව යටතේද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකවීම ගැන දැඩි ලෙස අප්‍රසාදය පලකර සිටින බවද උක්ත ආයතනය වැනි රැවටිලිකාරී ව්‍යාපාර වසා දැමීම සඳහා නිසි නීතිමය පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමක් වන බවද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.









