සිරියාවේ ලෝක උරුම නගරයක් IS ත්‍රස්තයි යටතට

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස නම් කර ඇති සිරියාවේ පැල්මයිරා නගරය අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් සම්පූර්ණයෙන්ම අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ.

සිරියාව තුළ මේ වනවිට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන් නැවතත් වර්ධනය වෙමින් පවතින අතර මීට පෙර හත්රා හා නිම්රුඩ් යන ඓතිහාසික වටිනාකම්වලින් යුතු නගර අත්පත්කර ගනිමින් එහි ඇති පුරාවස්තු හා නටඹුන් සියල්ල විනාශ කර තිබේ. සිරියාවේ මෙන්ම ඉරාකයේද අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වී ඇති අතර ඉරාක ආණ්ඩුව ත්‍රස්තයින් සමග සටන් කිරීමට එක් වන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn