අද පෙරවරුවේ සිට තැනින් තැන වැසි

අද පෙරවරුවේ සිට තැනින් තැන වැසි

අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරුමැද පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයන් හි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම සෙසු ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

Facebook
Twitter
LinkedIn