රටම බලාසිටින තීන්දුව අද

රටම බලාසිටින තීන්දුව අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මැතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් මෙන්ම මැතිවරණය පැවැත්වීමට නියෝගයක් ඉල්ලා සිවිල් සංවිධාන, සිවිල් පුද්ගලයින් සහ දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශවකරුවන් රැසක් විසින් මෙලෙස මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එම අතරමැදි පෙත්සම්කරුවන් අතර ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන නීතිඥ සුනිල් වටගල, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ද සිටිති.

පසු පුවත – සියළු කුමන්ත්‍රණ පරාදයි – මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසරය

Facebook
Twitter
LinkedIn