අපේ රටට නිදහස හිමි වි වසර 100ක් සැපිරෙන 2048 වසර වන විට ශ්‍රි ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන බව රනිල් වික්රකමසිංහ පවසයි. අපේ රටට ඔය කියන ඊනියා නිදහස ලැබී වසරක් ඉක්මවු 1949 වසරේදී මේ කියන රනිල් උපත ලැබූ අතර 1972 වසරේ සිට ඔහු අපේ රටේ සක්රීදය දේශපාලනයේ නිරතව සිටිනවා. ඒ වගේම රනිල් 1977 වසරේ සිටම මෙරට දේශපාලනයේ ප්රනධාන ඇමති තනතුරු දරමින් රාජ්යර පාලනයට සම්බන්ධ වී තිබෙනවා. කොටින්ම කියනවා නම් දැනට වසර 50 ක කාලයක් රනිල් වික්රටමසිංහ අපේ රටේ දේශපාලනය කරමින් රාජ්යා පාලනය කර තිබෙනවා. මෙම වසර 50 ක කාලය තුළ ඇමතිවරයෙකු ලෙස ගත නොකළ අවස්ථාවක් නොමැති අතර අවස්ථා රැසක්ම අගමැති ලෙසත් කටයුතු කළා. එමෙන්ම විපක්ෂ නායක ලෙසත් කටයුතු කළා. නමුත් මේ කාලය තුළ අපේ රටේ කිසිදු සාධනීය වෙනසක් සිදුවුණේ නැහැ. මේ නිසා රට බිඳ වැටීමට සෘජුව වග කිව යුතු ප්රිධානම පුද්ගලයෙක් ලෙස රනිල් හැඳින්වීම වරදක් නැහැ. ඔහුගේ දේශපාලනයට වසර 50 කුත්, ඔහුට වසර 73 කුත් ගිය තැන දැන් නැවත රනිල් කියන්නේ 2048 වසරේ දී රට සංවර්ධිත රටක් බවට පත් කරන බවයි. එතෙක් අපට ඉවසන්න යැයි ඔහු කියනවා. නිදහසින් පසු ගෙවුණ වසර 75 න් 50 ක්ම රට පාලනය කිරිමට දායක වු රනිල් කියන මේ කථාව අප විස්වාස කළ යුතුද?
සජිත් ප්රේනමදාස ඉපදුනේ 1967 දි. දැන් වයස 56 ක්. වෙනත් කිසිදු සුදුසුකමක් නොමැතිව සිය පියාගේ ඇවෑමෙන් දේශපාලනයට පිවිසි ඔහු අවස්ථා ගණනාවකදීම අපේ රටේ මැති ඇමතිකම් දැරූවෙක්. ඒ වගේම ඔහුගේ සමිපතමයන්ම කියන විදිහට ඔළුවේ කිසිදු හරවත් දෙයක් නැති හිස් මිනිහෙක්. ඒ වගේම රටේ බිඳ වැටීමට සෘජුව වග කිව යුත්තෙක්. එහෙවු වු සජිත් කියන්නේ රට තම පියාගේ යුගයේ තිබූ සශ්රීවකත්වයට නැවත රැගෙන යන බවයි. ඔහුගේ පියාගේ කාලය ගැන අපේ රටේ ටිකක් හෝ හිතන මතන ජනතාවට අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. ලේවැකි රාජ්‍ය ය ත්රජස්තවාදයක් මුදා හැර මුළු රටම භිතියෙන් හා ත්රතස්තයෙන් බිය පත් කළ ප්රේයමදාස යුගය සහ දිළිඳුකම පිටු දැකීම වැනි ව්යා්ජ සීනි බෝල ව්යෘකපෘති ගැන රටේ ජනතාවට අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.මේ වන විට ප්රේයමදාසගේ කාලය පසු වී වසර 35 ක් ගෙවුණත් අපේ රටේ දිළිඳුකම බිඳකින් හෝ අඩු වී නැහැ. ප්‍රේමදාස මෙරට ජනාධිපති වුණේ 1988 දි. ඒ කියන්නේ දැනට වසර 35 ට පෙර. දැන් සජිත් අපට කියන්නේ රට ඒ යුගයට,ඒ කියන්නේ 1988 පැවැති තත්වයට යළි රැගෙන යන බවයි. එහි තේරුම රට ආපස්සට රැගෙන යන බව නොවේද?
නමුත් ඇත්තටම කළ යුත්තේ කුමක්ද? අප හිතුවොත් නිදහසින් පසුව රට පාලනය කළ කිසිවෙකුට රට පියවරකින් හෝ ඉදිරියට රැගෙන යෑමට හැකි වුණේ නැහැ. පුද්ගලයින්ගේ ආශ්චර්යයන් පිළිබඳව අනේක වරක් අප විස්වාස කර තිබෙනවා. එහෙත් අවසන ඉතිරි වුණේ බිඳ වැටුණු දේශයක් පමණයි.ඒ නිසා ඒ ගැන කථා කිමෙන් පළක් නැහැ. අවශ්යැ වන්නේ විද්යාරනුකූල පදනමකින් අපේ රටේ සංවර්ධන විභවයන් හඳුනා ගෙන කටයුතු කිරිමයි. වෘත්තිකයින් හා විශේෂඥයින්ගේ දායකත්වය රට ගොඩනැගීම සඳහා සැබැවින්ම ලබා ගැනීමයි. බුද්ධිමතුන්ගේ අදහස් වළින් සුපෝෂිත, අපේ රටට ගැලපෙන සංවර්ධන මාදිළියක් සකස් කර ගැනීමයි. පුද්ගල ආශ්චර්යයන් වෙනුවට පොදු වැඩපිළිවෙළක් විස්වාස කිරීමයි. එය කළ හැක්කේ කැපවීමනේ වැඩ කරන දක්ෂ, අවංක හා අදූෂිත දේශපාලන ව්යා්පාරයකට පමණයි. එවැනි දේශපාලන ව්යාංපාරයක් හා තදින් බැඳුණූ වෘත්තිකයින්ට හා බුද්ධිමතුන්ට පමණයි. සමාජ සංවර්ධනයේදී ඉතිහාසයට වඩා වර්තමානය හා අනාගතය හැම විටම ප්රනගතිශිලීයි. ලෝකයේ රටක් කිසි දිනෙක සංවර්ධනය සඳහා ආපස්සට යන්නේ නැහැ. ඒ වගේම වසර 75 ට ආසන්න කාලයක් පුණ පුනා අසාර්ථක වු ආර්ථික ප්‍ර තිපත්තියක් තවත් වසර 25 කින් සාර්ථක වෙතැයි සිතන්නත් බැහැ. එසේ නම් රනිල් මෙන්ම සජිත් ද කියන රට ගොඩ නැගීම පිළිබඳව වන මේ තර්ක යථාර්ථයක් නොවන බව පැහැදිළියි. එසේනම් ඉතිරිව ඇති විකල්පය අප විසින් තෝරා ගත යුතු නොවේද?
දේවමිත්රගේ සටහන









