රාජ්ය ආයතන 1000ක් සහ පෞද්ගලික ආයතන 02ක් අවුරුදු 03ක කාලයක් තුළ ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් ගුවන් යානා ලබාගෙන රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට (රු. 13,000,000) ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ ආදායම මුදල් රෙගුලාසි 128 (2) ප්රකාරව අප්රමාදව එකතු කර ගැනීමට කටයුතු කරන්නැයි ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
ගුවන් හමුදාවට ලැබිය යුතු හිඟ මුදල් අදාල අමාත්යාංශ ලේකම්වරුන් කැඳවා නිරවුල් කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස මුදල් අමාත්යාංශ ලේකම්වරයාට නියෝග කර තිබියදීත් එම නියෝගයට පටහැනිව හිඟ මුදලින් රුපියල් පනස් අට ලක්ෂයකට වැඩි මුදලක් රජයට සිදු වූ පාඩුවක් සේ සලකා කපා හැරීමට කටයුතු ආරම්භ කර තිබූ බවත් විගණන කාර්යාලය පවසයි.
Views: 0










