ග්‍රෑන්ඩ්පාස් හිදීත් වෙඩිතැබීමක්

ග්‍රෑන්ඩ්පාස් හිදීත් වෙඩිතැබීමක්

ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේදීද වෙඩිතැබීමක් සිදු ඇති අතර එහිදී වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ “මන්න කන්නා“ නැමැත්තෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුන්න තුවක්කුකරුවෙකු අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර තුවාලකරුගේ අතට සහ හිසට වෙඩිවැදී ඇති බවද පොලීසිය පවසයි.

වෙඩිවැදුණු පුද්ගලයා පාතාල කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානි ඉම්රාන් නමැත්තාගේ පියාට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු බවටද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පැවසේ.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn