අද අපි අරගල කරන්නේ ඡන්ද කල්දාන්න රනිල් කරන උත්සාහය පරාජය කරන්නයි – ජේෂඨ නීතීඥ හර්ෂණ නානායක්කාර

අද අපි අරගල කරන්නේ ඡන්ද කල්දාන්න රනිල් කරන උත්සාහය පරාජය කරන්නයි – ජේෂඨ නීතීඥ හර්ෂණ නානායක්කාර

ජාතික ජන බලවේගය අද අරගල කරන්නේ රනිල් වික්‍රමසිංහ ඡන්ද කල්දාන්න කරන උත්සාහය පරාජය කිරීමට බව ‘ඡන්දෙට බය මාමයි – බෑණයි’ සම්මන්ත්‍රණය අමතමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ජේෂඨ නීතීඥ හර්ෂණ නානායක්කාර පැවසීය.

මේ වනවිට පැවැත්වෙන එම සම්මන්ත්‍රණයේදී ඔහු වැඩිදුරටත් දැක් වූ අදහස්,

“පැරණි ලෝකයේ බලය හරහා බලය හුවමාරු කර ගත්තා. වර්තමාන ඡන්ද ක්‍රමය 17 වෙනි සියවසේදී ඇරඹුණා. එය එක්වරම සාර්ථකත්වයට පත්වුනා නොව අයිතිවාසිකම් ඉල්ලා ගෙන ගිය ඓතිහාසික අරගලවල එකතුවක් හැටියට ලද ජයග්‍රහණයක්. ඡන්දයක් අවශ්‍ය සමාජ මතයන් වෙනස් කොට ඒ තත්වයන් නිරූපනය කෙරෙන නීතියේ ආධිපත්‍යය සහිත පාලනයක් පිහිටුවාගන්න. නමුත් නීතියේ ආධිපත්‍යය වල්වැදුණු කළ ප්‍රචණ්ඩත්වයට යන බව ඓතිහාසිකව ඔප්පු කර තිබෙනවා.

ඒ නිසා අපි අයිතිවාසිකම් හා නීතියේ ආධිපත්‍යය තහවුරු කරගෙන තිබීම වැදගත්. නමුත් එය වල්වද්දන්න අරගල කරුවන් මර්ධනය කිරීමේ පියවරක් ලෙස පුනරුත්තාපන පනතක් හඳුන්වාදෙන්න ආණ්ඩුව ගෙනා යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දුන් තීන්දුව නිසා හකුලාගන්න සිදුවී තිබෙනවා. එදා ජේ.ආර් ජයවර්ධන අගමැති ධුරයේ ඉඳිමින් තම හයෙන් පහක බලය යොදාගෙන විධායක ජනාධිපති ධුරය ලබාගත්තා. ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර 82 ජනාධිපතිවරණයෙන් පසුව ලාම්පු කලගෙඩි සෙල්ලමක් ගෙනත් ඡන්දය කල් දැම්මා.

අපි ඒ ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත යුතුයි. රනිල් වික්‍රමසිංහ දැන් කරන්නේ යන්නෙව් මොකක්ද කියලා ඒ ඉතිහාසයෙන්ම පැහැදිලිවෙනවා. අද අපි අරගල කරන්නේ රනිල් ඡන්දය කල්දාන්න කරන උත්සාහයන් පරාජය කරන්නයි.”

Facebook
Twitter
LinkedIn