මධ්‍යම රජයේ මුදල් නැහැ… පළාත් පාලන ආයතනවලටත් සීමාකිරීම්… බදුවලින් කරගන්න කියයි…

දැනට ඇති වී තිබෙන මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මධ්‍යම රජයෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සීමා කිරීමට සිදු වී ඇති බවට ‍මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බැවින් පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය පොදු පහසුකම් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාමට පළාත් පාලන ආයතන අරමුදල් හා පළාත් සභා අරමුදල් යොදවා සුදුසු පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් දී ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන විසින් පොදු මහජනතාව වෙත සපයන සේවා වෙනුවෙන් බදු මුදල් බලපත්‍ර ගාස්තුව සහ වරි පනම් වැනි අය කිරීම් සිදු කරන බැවින් රැස් කරනු ලබන ආදායම උපයෝගී කර ගනු ලබමින් එම බල ප්‍රදේශවල වර්ෂාවෙන් හා ජල ගැලීම්වලින් හානියට පත් මාර්ග පිළිසකර කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙසද ලේකම්වරයා එප ලිපියෙන් දැනුම් දී තිබේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක වන්නේ අගමැති දිනේෂ් ගුණවර්ධන යටතේය.

Facebook
Twitter
LinkedIn