රනිල් වෙනුවෙන් සිළුමිණ යැවූ නයාට පෙනේ කරන්න බෑ

රනිල් වෙනුවෙන් සිළුමිණ යැවූ නයාට පෙනේ කරන්න බෑ

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපවත්වා කල් දැමීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග සාධාරණීකරණය කිරීම සඳහා සිළුමිණ පුවත්පත් පළ කළ ප්‍රධාන සිරස්තලයක් අතේ රෝලක් බව සනාථ වී තිබේ.

මෙම සිරස්තලය සහ ප්‍රවාත්තිය පළ කිරීම නොකළ යුතු බව එම පුවත්පතේ කතෘ මණ්ඩලයේ බහුතරයක් දෙනා ප්‍රකාශ කර ඇතත් ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන යටතේ පත්වීම් ලබා සිටින වජිර ලියනගේ නැමැත්කෙතු අදාළ ප්‍රබන්ධය පළ කර ඇත. “අප්‍රේල් නිම වෙන තෙක් ඡන්දය එපා; ගොවි සංවිධාන – විද්වත්හු රජයෙන් ඉල්ලති”යනුවෙන් සිරස්තලය යොදා අදාළ ප්‍රබන්ධය පළකර තිබිණි.

පසුගිය 16 වෙනි දින පළකර තිබුණු එයට අදාළ කරුණු කිසිවක් තහවුරු කළ නොහැකිවී තිබේ. අදාළ විද්වතුන් කවුරුන්ද, ගොවි සංවිධාන මොනවාද යන මූලික කරුණු දෙක හෝ එම ප්‍රබන්ධය නිර්මාණය කිරීමේදී සලකා බලා නොතිබිණි. මේ වනවිටද ලේක් හවුස් ආයතනය විකුණා දමා සංචාරක හෝටලයකට ගොඩනැගිල්ල පවරා දිය යුතු බවට ප්‍රතිව්‍යූහගත කරන යෝජනා ඉදිරිපත් කර තිබියදී තව දුරටත් පත්තර අලෙවිය බිඳ වැටෙන මෙවැනි ප්‍රබන්ධ ඉදිරිපත් කිරීම පිළිබඳ සේවකයෝ දැඩි විරෝධය පළ කර ඇත.

Facebook
Twitter
LinkedIn