පසුගිය සෙනසුරාදා යුක්රේනයට මායිම්ව පිහිටි රුසියාවේ බෙල්ගොරොද්හි පිහිටි හමුදා පුහුණු මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වෙයි.
යුක්රේනයේ සටන් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කණ්ඩායමක් , ගිනි අවි පුහුණු සැසියකට සහභාගී වී සිටින අතරතුරදී පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන්ට මෙලෙස වෙඩි තබා ඇති බවත් එම වෙඩික්කරුවන් මේ වන විට වෙඩි තබා ඝාතනය කර ඇති බව රුසියානු රජයට අයත් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
Views: 0










