දැන් ඉන්නේ ඉස්සර රනිල් වික්‍රමසිංහ නොවන බවත් දැන් රනිල් වික්‍රමසිංහ වෙනස් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමති නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පැවසූවේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති පළාත්පාලන නියෝජිත පිරිසක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,
“රනිල් මහත්තයා ඉස්සර රනිල් මහත්තයා නෙවෙයි දැන්. ඉස්සර රනිල් මහත්තයා බටහිර ගැතියි. දැන් බටහිර ගැති නැහැ අපේ හාමුදුරුවනේ. ඉස්සර රනිල් වික්‍රමසිංහ මහත්තයා මානව හිමිකම් ගැන තමයි වැඩියෙන් කතා කළේ. ගෝටාබය මහත්තයාට මානවහිමිකම් මතක් වුනාට රනිල් මහත්තයාට මතකයක් නැහැ ඒ ගැන. ඉස්සර රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාත්‍යන්තරයේ අවශ්‍යතාවයන් ඉටු කළේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් තානාපති කාර්යාල කියන දේවල් අහන්නේ නැහැ. ඔය යසට අරගලය සුද්ධ කළේ ගෝල්ෆේස් එකේ. ඉතිං රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනස්වෙලා දැන්. අපි ඒක පිළිගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්තයට පුළුවන් යුද්ධවලට මුහුණදෙන්න. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයටත් ඉතිහාසයක් තියෙනවා කැරලිවලට මුහුණදීලා. ඒක හින්දා කැරලිවලටත් මුහුණදෙන්න පුළුවන් කෙනෙක් රටේ නායකයා බවට මේ අවස්ථාවේ පත්කරගන්න ඕනා.”










