හැරී පොටර් කතා මාලාවේ හැග්‍රිඩ්ට පණ පෙවූ රොබී මියයයි

හැරී පොටර් කතා මාලාවේ හැග්‍රිඩ්ට පණ පෙවූ රොබී මියයයි

ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් ස්කොට්ලන්තයේ රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 72වන වියේ පසු වූ රොබී කෝලට්‍රෙන්ගේ අභාවය පිළිබඳ හැරී පොටර් කතා මාලාවට දායක වූ රංගන ශිල්පීන් රැසක් ශෝක පණිවුඩ නිකුත් කර තිබේ.

රොබී කෝලට්‍රෙන් රහස් පරීක්ෂක නාට්‍යයක් වන ක්‍රැකර් සහ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවන ගෝල්ඩෙනි, ද වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් යන කතාමාලාවලද පෙනී සිටියේය.

Facebook
Twitter
LinkedIn