රජයට ලක්ෂ59ක් පාඩු කිරීමේ චෝදනාවට ජොන්සටන්ට අධිචෝදනා භාරදෙයි

රජයට ලක්ෂ59ක් පාඩු කිරීමේ චෝදනාවට ජොන්සටන්ට අධිචෝදනා භාරදෙයි

රජයට ලක්ෂ 59කට අධික මුදලක් පාඩු කිරීමේ චෝදනාව මත ‌ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද (10) අධිචෝදනා භාරදී තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයාව සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් රාජකාරියෙන් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට ලක්ෂ 59කට වැඩි මුදලක් පාඩු කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ස.තො.ස. ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ,හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් ඇතුළු තිදෙනාට මෙලෙස අධිචෝදනා බාරදී ඇත.

ඊට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව එහිදී විත්තිකරුවන්ගේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දීමෙන් පසුව නඩු විභාගය නොවැම්බර් මස 1 වන දා තෙක් කල් තබා ඇති බව වාර්තා වෙයි.

Facebook
Twitter
LinkedIn