රාජ්‍ය රහස් පනත යොදාගෙන අධිආරක්ෂක කලාප නම් කළ නොහැකි බවත් වහාම අධිආරක්ෂක කලාප ප්‍රකාශයට පත්කළ අංක 2298/53 දරන ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කරන්නේ, රාජ්‍ය රහස් පනත යොදා ගනමින් අධිආරක්ෂක කලාප ප්‍රකාශයක් කිරීමේ රජයේ ප්‍රවේශය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවය.
6









